කරුණාකර වලකින්න

by | අගෝ. 15, 2022 | මාර්ගෝපදේශය

වෙබ් අවකාශය තුළ ස්වයං-ප්‍රකාශකයා ලිපි ලිවීමේදී පක්ෂග්‍රාහී නොවිය යුතු අතර ගැටුම් වලට තුඩු දෙන අදහස් ප්‍රකාශ නොකර සිටීම බලාපොරොත්තු වේ. වර්තමාන සන්දර්භය තුළ, වෙබ් මාධ්‍ය බොහෝ දුරට නියාමනය නොවන අතර මානව වර්ගයාගේම සහ පරිසරයේ ප්‍රගතිය වෙත එය යොමු කළ යුතුය. මෙම අවකාශය තුළ ස්වයං-ප්‍රකාශකයින් එම ශක්තිමත් ප්‍රතිපත්තියට අනුගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අපක්ෂපාතීවීම

සෑම කෙනෙකුටම තමන්ගේම මතයක් ඇති බවත්, ඔවුන්ගේම මතය අනුගමනය කරන්නන් කැමති විය හැකි බවත් සැකයක් නැත. විශේෂයෙන් නියාමනය නොකළ, පුනරාවර්තනය කළ හැකි සහ යථාර්ථයෙන් බැහැරව හැසිරවිය හැකි අතථ්‍ය ලේස ලෝක ව්‍යාප්ත වෙබ් අවකාශය විකාශනය වේ. මෙමගින් විවිධ පසුබිම්වල පාඨකයන් අතර මතභේද පහසුවෙන් ඇති කල සහ ඇත විය හැක. යථාර්ථයේ සිදුවීම සහ එය සිදුවූ මොහොතේ පටන් සුරකින ලද විවිධ ප්‍රතිචාර පුළුල් මාර්ගගත සාකච්ඡා ඇති කරයි. එනමුත් , නියාමනය නොකළ වෙබ් අවකාශයන් තුළ, මෙම නියැලීම වාණිජමය හෝ මතවාදී හෝ අන්තවාදී අරමුණු සඳහා භාවිතා කළ හැකි අතර එය යථාර්ථයේ දී නැවත ඍණාත්මක ලෙස බලපෑ හැකිය.

ඔබේ මතය, කරුණු හෝ සිතුවිලි ගෙනහැර දැක්වීමෙන් තහවුරු කරන්න. ඔබේ ප්‍රකාශයට සහාය වීම සඳහා ඔබේ අත්දැකීම්, ඔබ නිරීක්ෂණය කල දේ හෝ ඔබට කාලයක් පුරා දැනුන දෙයක් උදාහරණ ලෙස භාවිතා කිරීම දිරිගන්වයි.
ඔබට දැනෙන දේ නිදහසේ ලියන්න.  නමුත් ඔබට දැනුනු දේට හේතු වූ දේ ඉදිරිපත් කරන්න
ඔබ ඔබේම දැක්මක් යෝජනා කරන්නේ නම් එය විශිෂ්ටයි. ඔබේ දැක්මට හේතු දක්වන්න (උදා : පුද්ගලික අත්දැකීම්වල තාර්කික ප්රවාහය)
ලිපියක් තුල තමගේ දැක්මක් ගෙනහැර දැක්වයි නම් අනිකුත් අයගේ දැකිම් සාකච්ඡ කරන්න. කරුණාකර විවිධ අදහස් ඇති වීමට හේතු ගැන සිතීමට විවෘත වන්න.සිතීමෙන් සොයා බැලීමෙන් හා සාකච්ඡා කිරීමෙන් පසු වෙනත් දෘෂ්ටිකෝණ පිටුපස ඇති හේතු සපයන බවට වග බලා ගන්න.
එක් එක් සිදුවීමේ පසුබිම ඉදිරිපත් නොකර විසඳුමක් යෝජනා නොකර, පාඨකයන් ඍණාත්මක ශක්තියට ආකර්ෂණය වන ආකාරයෙන් පුද්ගල, සිදුවීම් හෝ කණ්ඩායම් සංසන්දනය කිරීමෙන් වළකින්න.( උදා : ඇයි එය මෙතන, මෙතන නැත්තේ යන්න පමණක් ප්‍රකාශ කිරීම) ආසියාතික සමාජවල සෘණාත්මක අදහස්වල ශක්තියට ආකර්ෂණය කර ගැනීමේ ප්‍රවණතාවය හේතුවෙන්, සමාජ බෙදීම් සඳහා බහුලව සිදුවේ
ඔබේ ප්‍රකාශන සන්දර්භය තුළ භාවිතා කරන සෑම වචනයක් සමඟම නිශ්චිත වන්න. ("මම කැමතියි" වැනි වචන භාවිතා කරන්න.) පොදු මතයක් ලෙස සාමාන්‍යකරණය නොකර පුද්ගලික මතය මෙය යයි ප්‍රකාශ කරන්න. කරුණාකර විවෘත වචන භාවිතා කිරීමෙන් වළකින්න, විශේෂයෙන් පුද්ගලික මනාපයන් සමඟ.

 

අපක්ෂපාතී දෘෂ්ටිකෝණයක් ඇති ප්‍රකාශකයා ඒකපාර්ශ්වික විවේචනයක් පමණක් සහිතව ප්‍රකාශන ඉදිරිපත් නොකරයි. මෙමගින් ධ්‍රැවීයතාව මෙන්ම පාඨකයන්ගේ දෘෂ්ටිකෝණය පටු වීම වැළකේ.

 

ගැටුම්කාරී නොවන සහ නොගැටෙන ලෙස ඉදිරිපත් කිරීම

 

විවේචන සහ දෘෂ්ටිකෝණ සහිත ලිපි ගැටුම්කාරී තර්ක මතු කරන ඒවා විය හැක. යථාර්තයෙන් දුරස්ව මේවා වෙබ් අවකාශය තුළ සුරැකීමෙන් පසු නැවත නැවතත් පළ කළ හැක. එම කල් ගත වුණු යථාර්තය අත්නොදැකු වෙබ් පරිශීලකයන් මේවට පසුවෙන් හසුවිය හැක.

තර්කය හෝ විවේචනය කරුණු නොතකා, ඒකපාර්ශ්වික වූවක් නම් සහ ගෞරවාන්විත නොමැති නම් , බුද්ධියට පෙර හැඟීම් ඉස්මතුවීම නිසා, මෙය ව්‍යසනකාරී බලපෑමක් ඇති කළ හැකිය.

 

සම්පූර්ණයෙන් සෘණාත්මක හෝ ධනාත්මක විවේචන වලින් වළකින්න. විවේචනයේ පසුබිමට තුඩු දෙන මුල් බැසගත් සිදුවීම් හඳුනාගෙන ඒවා ලිපියෙන් විවෘතව ඉදිරිපත් කිරීමට නිහතමානී වන්න.
ඔබේ නිර්මාණය තුළ පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් කණ්ඩායමකට බලපාන විවේචන වලින් සමන්විත වේ නම් ඒවා ගෞරවාන්විත වචනවලින් හදුන්වා දෙන්න. ප්‍රධාන වශයෙන් පුද්ගලයන්ව හෝ චරිත ඉස්මතු නොකර ඔබේ මතයට ස්ථාවර හේතු දැක්වීමට යොමු වන්න.
විරුද්ධ මතයක් තිබීමට සහ ඇතිවීමට හේතු දක්වන්න. වෙනත් අදහස් ඇති වීමට හේතු තිබිය යුතු අතර විශිෂ්ට කෘතියක ඒවා ප්‍රකාශ කළ යුතුය.
ඔබ සිදු වූ අසාධාරණයක් වාර්තා කරන්නේ නම්, හැකිතාක් තාත්වික සහ අපක්ෂපාතී විමර්ශකයෙකු ලෙස තුන්වන පුද්ගල දෘෂ්ටිකෝණයක එය ඉදිරිපත් කරන්න. ධ්‍රැවීකරණයට වඩා තොරතුරු සමඟ පාඨකයන්ගේ ප්‍රබුද්ධත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට දිරිගන්වනු ලැබේ. එක් ඉදිරිපත් කිරීමක් තුළ බහුවිධ මානයන්ගෙන් අදහස සපයන්නා ඔබව දිරිමත් කරයි.පාඨකයාට ඔහුගේ හෝ ඇයගේ අවසාන නිගමනයට විවෘත වීමට ඉඩ දෙන්න.
අධ්‍යාත්මික ප්‍රකාශ ඇත්තේ අන්‍යාගමිකයන්ගේ ගෞරවයත් සමගය. එය පාඨකයාගේ දර්ශනය පුළුල් කරන අතර ගෝලීය සහයෝගීතාව ඉහළ නංවයි.

 

කරුණාකර විවෘත ලෝක ව්‍යාප්ත වෙබ් අවකාශයේ අපක්ෂපාතී සහ ගැටුම්කාරී නොවන ස්වයං ප්‍රකාශකයෙකු වන්න. අපි දිරිමත් කරන දේ මෙතැනින් සොයා ගන්න. මෙතැනින්